ටාසන් දිවි ගමනට සමුදෙයි

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණ පෙවූ ජනප්‍රිය ඇමරිකානු නළු Ron Ely ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

1938 ජූනි 21 වැනිදා උපත ලද එලී, මියයන විට 86 වැනි වියේ පසුවිය.

“ලෝකයට මෙතෙක් දැන සිටි ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගෙන් කෙනෙකු අහිමි වී ඇත – මට මගේ පියා අහිමි විය.” නළුවාගේ දියණිය වන කිර්ස්ටන් කැසාල් එලී Instagram සටහනක මෙසේ සිය පියාගේ මරණය සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා .

කෙසේවෙතත් ඔහු මිය ගියේ කෙසේද සහ කවදාද යන්න ඇය සඳහන් කර නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටාසන් කතා මාලාව 1966 වසරේ සිට 1968 වසර දක්වා NBC රූපවාහිනී ජාලයේ විකාශය වී තිබෙනවා.

ඔහු රංගනයෙන් දායක වූ කාලය අතරතුර ඔහුගේ ශරීරයට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර, සතුන්ගේ ප්‍රහාරයන්ට ද ලක් වූ බවටයි වාර්තා සඳහන් කරන්නේ.

2001 දී ඔහු රංගන දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, ගත් කතුවරයෙකු ලෙස ඔහු අභිරහස් නවකතා දෙකක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

South Pacific (1958), The Fiend Who Walked the West (1958) සහ The Remarkable Mr Pennypacker (1959) වැනි චිත්‍රපටවල සහාය චරිත නිරූපණය කිරීමෙන් පසු ඔහු ටාසන්ගේ චරිතයට රංගනයෙන් දායක වී තිබෙනවා.