රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද (ඔක් 22) එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.65 ක් වන අතර විකුණුම් මිල රු. 297.65 ක් ලෙස සටහන් වී තිබෙනවා.