මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
තැපැල් ඡන්ද අයදුම්පත් හත් ලක්ෂ පනස් නව දහස් දෙසිය දහයක් ඉදිරිපත්ව තිබූ බව මැතිවරණ කොමිසම සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
මේ අනුව පිළිගෙන ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව හත් ලක්ෂ තිස් අටදහස් පනහකි.
තැපැල් ඡන්ද භාර ගැනීමේ කටයුතු මේ වන විට අවසන් ව තිබෙනවා.
මේ අතර ඡන්ද විමසීම සඳහා ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන 23 ආරම්භ කරන බව කොමිසම සඳහන් කරයි.

