සීනි ආනයනය කරන්න විතරක් මිලියන ලක්ෂයකට වැඩි මුදලක්

ආනයනය කිරීම සඳහා ඉකුත් 2023 වර්ෂයේ දී රුපියල් මිලියන එක්ලක්‍ෂ හතළිස් දෙදහස් තුන්සිය එකක (142,301ක) මුදලක් වැයකොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙනවා.

එම වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී මෙරටට සීනි ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 82,644ක් වනවා.

ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී මෙරටට සීනි ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 59,657 ක මුදලක් වැඩිපුර වැය වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන්.

2023 වර්ෂයේ දී මෙරටට සීනි මෙටි්‍රක් ටොන් හයලක්‍ෂ පනස් තුන්දහසක් ආනයනය කර තිබූ අතර 2022 වර්ෂයේ දී ආනයනය කර තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් සංඛ්‍යාව හාරලක්‍ෂ හැටදහසකි.