AI බලගන්වන්න න්‍යෂ්ටික බලය යොදා ගන්න සැරසෙන Google

සිය කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථාන බල ගැන්වීමට අවශ්‍ය අතිවිශාල ශක්ති ප්‍රමාණය ජනනය කිරීම සඳහා කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක භාවිතා කිරීමට Google සමාගම සූදානම් වනවා .

ඒ සඳහා තමන් Kairos Power සමඟ ගිවිසුම් ගතව ඇති බවයි Google සඳහන් කර ඇත්තේ .

මේ සඳහා යොදා ගන්න න්‍යෂ්ටික බලාගාර කුමන ස්ථානයක තිබේ ද යන්න හෝ , මේ සඳහා ගත වන පිරිවැය කොපමණක් ද යන්න සම්බන්ධයෙන් Google කිසිවක් සඳහන් කර නැහැ.

කෙසේවෙතත් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නම් ඊට එක්සත් ජනපද න්‍යෂ්ටික නියාමන කොමිෂන් සභාව මෙන්ම දේශීය නියෝජිතායතනවල අනුමැතිය හිමි විය යුතු වනවා .

මෙම පියවරත් සමඟ 2035 වන විට තවත් බොහෝ දෑ අන්තර්ජාලයට එකතු වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .