තෙවන පාසල් වාරය සතියකින් කල් යයි

2025.01.17 දින අවසන් වීමට නියමිතව තිබූ 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ අනුව තෙවන වාරය මෙන්ම 2024 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන්නේ 2025.01.24 දිනෙන්.

තෙවන වාර විභාගය පවත්වා සිසුන්ට ප්‍රගති වාර්තා ලබා දීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා මෙලෙස තෙවන පාසල් වාරය කල් දැමූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සඳහන් කරන්නේ.

තෙවන වාරය අවසන් වන 24 දින වන විට සියලුම සිසුන්ට තෙවන වාර විභාගය පවත්වා ප්‍රගති වාර්තා ලබාදීම අවසන් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.