බටහිර ප්‍රංශයේ Niort නගරයේ, Tesla විදුලි මෝටර් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නගරයෙන් පිටතදී මෙම අනතුර සිදුවී ඇති අතර, ඒ අසල පිහිටි Melle හි අවන්හලක සේවකයින් වූ රියදුරු සහ මගීන් තිදෙනෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ගිනි ගැනීමට පෙර වාහනය අධික වේගයෙන් ගමන් කරමින් තිබී ඇති අතර මාර්ගයේ වූ මාර්ග සංඥා කිහිපයක ද හැපී තිබෙනවා .
ගැලවුම්කරුවන් එම ස්ථානයට පැමිණෙන විටත් යානයේ සිටි මගීන් මියගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ .
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

