රංගන ශිල්පිනි දමිතා සජබයෙන් මහ මැතිවරණයට

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී  සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වැදීමට සූදානම්ව තිබෙනවා.

ඇය  ඊට අදාල   ලිය කියවිලි වලට ඊයේ  අත්සන් තැබූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පැවසූවේ දුක් විඳින ජනතාව වෙනුවෙන්  යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට තීරණය කළ බවයි.

ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන  තමාට හොඳ අවබෝධයක් ඇතැයිද ඇය සඳහන් කළාය.