පවතින අධික වර්ෂාව හමුවේ, දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත්කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන අද පස්වරුව දක්වා දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලට සහ කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, දොඩන්ගොඩ, බුලත්සිංහල, මතුගම සහ හොරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලට අදියර දෙක යටතේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා පළමු අදියරේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.
නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කල දිස්ත්‍රික්ක අතරට රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ද ඇතුළත්.
සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි .

