අලුත් ආණ්ඩුවේ ලේකම්වරයෙක් හිටි හැටියේම පෙන්ෂන් යයි

නව ආණ්ඩුව යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයට යළි පත් කෙරුණේ, පසුගිය රජය සමයේදී එම ධුරය දැරූ ප්‍රදීප් යසරත්නයි.

කෙසේ වෙතත්, ප්‍රදීප් යසරත්න ධුරයෙන් ඉවත්වන බව, පසුගිය සිකුරාදා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබුණා.

දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණත්, පෞද්ගලික අවශ්‍යතාවක් මත ඊට පෙර විශ්‍රාම ගැනීමට ප්‍රදීප් යසරත්න ඉල්ලීමක් කර තිබූනා .

ඒ අනුව අද (30) සිට ධුරයෙන් ඔහු විශ්‍රාම ගොස් තිබෙනවා .

මේ හේතුවෙන් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් ධුරය පුරප්පාඩු වී තිබෙනවා.