ලෝක ප්‍රසිද්ධ ගායක සහ ගීත රචක 32 හැවිරිදි Charlie Puth ඔහුගේ පෙම්වතියවන Brooke Sansone සමග විවාහ වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා 2022 වසරේදී ප්‍රේම සබඳතාවය ආරම්භ කර ඇති අතර, වසරකට පමණ පසු ඔහු ඇයට විවාහ වීම සඳහා යෝජනා කර තිබෙන බවයි වාර්තා සඳහන් කරන්නේ.
ඉන් වසරකට පමණ පසුව ඔවුන්ගේ විවාහ උත්සවය පසුගිය සැප්තැම්බර් 7 වැනිදා පවත්වා තිබෙන බවටයි වාර්තා වෙන්නේ.
ඒ, කැලිෆෝනියාවේ මොන්ටෙසිටෝහි පිහිටි ඔහුගේ පවුලේ නිවසේදීයි.
වාර්තා සඳහන් කරන්නේ, මෙම විවාහ උත්සවය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පමණක් සමරා තිබෙන බවයි.
See You Again, We Don’t Talk Anymore, Attention, One Call Away, Anyone ඇතුළු ගීත රැසක් සඳහා ඔහු ගායනයෙන් මෙන්ම ගීත රචනයෙන්ද දායක වී තිබෙනවා.
විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් ඔහු තමන් බිරිඳ වෙත සටහනක් ද තබා තිබෙනවා.
I love you Brooke…I always have,
with you I am my very best.
I promise I’ll love you everyday in this life,
and even more when we move on to our next.
Brooke Ashley Sansone,
And now you’ll be Brooke Ashley Puth
Thank you for making me the happiest man alive
It has always been you.





