පාසල් නිල ඇදුම් පළමු වාරය ආරම්භයට පෙර

චීන රජය මෙරටට ප්‍රදානය කරන පාසල් නිල ඇදුම්වල පළමු තොගය ලබන නොවැම්බර් 13වනදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

අදියර 03 ක් යටතේ ලැබෙන එම පාසල් නිල ඇදුම්වල අවසන් තොගය දෙසැම්බර් 20වනදා මෙරටට ලැබෙනු ඇති.

එසේම එම නිල ඇදුම් 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරී 20 වෙනිදාට පෙර බෙදා හැරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේ.