ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට යන මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්රියාත්මක කර තිබෙනවා.
ඒ අනූව ඡන්දය ප්රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
කෙසේවෙතත් පෞද්ගලික බස්රථ සංගම් සඳහන් කරන්නේ එදිනට අමතර පෞද්ගලික බස් රථ සේවා නොපවැත්වෙන බවයි.
ඊට හේතුව පෞද්ගලික බස් රථ සේවකයන් ද ඡන්දය භාවිත කිරීමට යෑම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් කෙටි ගමන් සේවා සීමිත ප්රමාණයක් ධාවනය කරන බවයි එම සංගම් පවසන්නේ.

