ඉකුත් අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.
ඒ පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී දුනිත් දැක් වූ දක්ෂතා මුල් කර ගනිමින්.
මාසයේ ක්‍රීඩකයා ලෙස තේරී පත් වීම සඳහා දුනිත් හා තරග වැදි අනෙකුත් ප්‍රතිවාදීන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ජේඩන් සීල්ස් යන අයයි.
මේ අතර
2024 අගෝස්තු මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස හර්ශිතා සමරවික්‍රම තේරී පත්වී තිබෙනවා.



