ගැහැනියක් වෙලා ඉපදෙන එක පාපයක් වුණු ඉන්දියාවෙන් ඇහෙන තවත් කතාවක්

ජීවිතයේ අපිට අහන්න දකින්න වෙන කතා බොහෝ වෙලාවට විශ්වාස කරන්න බැරි වුණත් ඒවා මේ ලෝකයේ සිදුවෙන බව ඔබ විශ්වාස කරන්න.

ඉන්දියාව කියන්නේ අතීතයේ ඉඳන් ගැහැනු දැරිවියක් ගෙදරක ඉපදීම පාප කර්මයක් ලෙස සැලකූ මිනිසුන් සිටින රටක්.

එය තවමත් උතුරු ඉන්දියාව තුල විශ්වාස කරන කරුණක් ලෙසයි සැලකෙන්නේ.

දියණියක ඉපදුන පසු දීමට සිදුවෙතැයි සැලකෙන දෑවැද්ද නිසාවෙන් මෙවැනි සිතුවිලිවල ජීවත්වන බවට සඳහන්.

ඔබ දන්නවද පසුගියදා බී.බී.සී සේවය හරි අපූරූ වීඩියො පටයක් නිකුත් කළා.

එහි සඳහන් වෙන්නේ උතුරු ඉන්දියාවේ පවුල්වල ඉපදුණ ගැහැනු දරුවන් මරුමුවට යැවූ වින්නඹු මව්වරුන් සමග කල කතාබස් සම්බන්ධයෙන්.

ඔවුන් ඒ සම්බන්ධව පාපොච්ඡාරණය කර තිබෙනවා.

සමහර වින්නඹු මවුවරුන් බිළිඳියන් 15ත් 20 අතර ප්‍රමාණයක් ඝාතනය කර තිබෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඝාතනය කිරීමට සිත නුදුන්නත් ඔවුන් සිදු කළේ එම බිළිඳියන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ඉල්ලීම බවයි එම වීඩියෝපටයේදී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ.

( මූලාශ්‍රය BBC සිංහල )