බොලිවුඩ් තරු වන Deepika Padukone සහ Ranveer Singh හට දූ සිඟිත්තියක් ලැබී ඇතැයි වාර්තා වෙනවා .
ඔවුන් දෙදෙනා සිය Instagram පිටුවෙහි මේ බව සිය රසික ජනතාව සමඟ බෙදා ගෙන තිබෙනවා .
දරුවාගේ ඡායාරුප කිසිවක් පළ කර නොමැති අතර එහි සුදු පැහැති පසුබිමක Welcome baby girl! 8.9.2024, Deepika & Ranveer යනුවෙන් පමණක් සඳහන් කර තිබෙනවා .
මේ වසරේ පෙබරවාරි මාසයේ ඔවුන් දෙමව්පියන් වීමේ අපේක්ෂාවෙන් සිටින බව දැනුම් දෙනු ලැබුවා .
මේ තියෙන්නේ එයාල පළ කරලා තිබුනු post එක ,


