5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් වෙයි

මෙවර වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන මේ වන විට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා..

ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින එම විභාගය පැවැත්වෙනු ඇත .

උදෑසන 9.30 සිට 10.45 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයත්, උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා දෙවැනි පත්‍රය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ…

මෙවර විභාගය මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා…

විභාගය අයදුම් කළ අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇති අතර, මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකියි..

කිසියම් අපේක්ෂකයෙකුගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම්, එය අද සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සංශෝධනය කිරීමට හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ..