ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරු‍ණේ ජුලි මස 2 වනදා ය.

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,690ක් ලෙසට ය. 

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වෙයි.

එමෙන්ම කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් වෙයි.