ජනප්‍රිය අමෙරිකානු රැප් ගායක Fatman Scoop ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 53ක්.
ඔහු Hamden Town Center Park හි පැවති ප්‍රසංගයක් අතරතුරදී වේදිකාව උඩදී එක්වරම බිම ඇද වැටී තිබෙනවා.
එම නගරයේ නගරාධිපති ලෝරන් ගැරට් ෆේස්බුක් වෙත සටහනක් තබමින් පවසා සිටියේ රැප් ගායකයා ගිලන් රථයකින් ප්‍රාදේශීය රෝහලකට ගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි.
ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්, ඔහුගේ පවුලේ අය ලියා ඇත්තේ “ප්‍රකට සහ ජනප්‍රිය ෆැට්මන් ස්කූප්ගේ අභාවය පිළිබඳ පුවත් අපි බෙදා ගන්නේ දැඩි ශෝකයෙන් සහ දැඩි හදවත් වලින්” බවයි.
ස්කූප් සංගීත ලෝකයේ ආදරණීය චරිතයක් වූ අතර, ඔහුගේ ගීත ලොව පුරා අසංඛ්‍යාත රසිකයින් පිරිසක් එම නිර්මාණ වටා එක් වී සිටියා.

