ජනප්‍රිය බොලිවුඩ් තරු වන Deepika Padukone සහ Ranveer Singh නව නිවසක පදිංචි වීමට යන බවට වාර්තා වෙනවා .
ඒ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ Mannat බංගලාව ආසන්නයේ බන්ද්‍රා හි සුපිරි මහල් නිවාසයකටයි .
එය මුහුදට මුහුණ ලා ඇති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් වනවා .
මේ යුවලට ගොඩනැගිල්ලේ 16 සිට 19 දක්වා මහල් අයිති වන අතර එහි වර්ග අඩි 11,266 ක ඉඩකඩ සහිත වන බවයි වාර්තා සඳහන් කරන්නේ .
මෙම ගොඩනැගිල්ල තවමත් ඉදිවෙමින් පවතින බවයි තවදුරටත් සඳහන් වෙන්නේ .

