දකුණු අප්‍රිකාවේ සත්වෝද්‍යානයක රඳවා සිටි එකම ඇතාට නිදහස

දකුණු අප්‍රිකාවේ සත්වෝද්‍යානයක රඳවා සිටි එකම ඇතා වසර 40කට පසු වනාන්තරයකට නිදහස් කර තිබෙනවා.

‘චාලි’ නම් වූ මෙම ඇතා 1984 වසරේදී සිම්බාබ්වේ හි, ‘Hwange’ ජාතික වනෝද්‍යානයෙන් අල්ලාගනු ලැබුවේ එම සත්ත්වයාට වයස අවුරුදු දෙකේදීයි.

පසුව එම ඇතාට දකුණු අප්‍රිකාවේ බොස්වෙල් විල්කි සර්කස් කණ්ඩායම විසින් සර්කස් පුහුණුවක් දී තිබෙනවා.

කෙසේ වෙතත් එම සත්ත්වයා නිදහස් කිරීමට කටයුතු කර තිබෙන්නේ සත්ව සුභසාධන කණ්ඩායම්වල පැමිණිලි හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අලියාගේ නව නිවහන හෙක්ටයාර් 10,000 ක රක්ෂිතයක් වන අතර එහි විශාල අලි ගහනයක් සිටිනවා .