ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වන Justin Bieber සහ ඔහුගේ බිරිඳ වන Hailey Bieber මව්පිය පදවිය ලබා තිබෙනවා .
කුඩා දරුවාගේ පාද වල ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් Justin Bieber මේ අලුත් අමුත්තාගේ පැමිණීම රසිකයන් සමඟ බෙදා ගත්තා .
“WELCOME HOME JACK BLUES BIEBER.” යනුවෙනුයි ඔහු ඔහුගේ පුතාගේ පැමිණීම Instagram හි සටහන් කළේ.
ඔවුන් දෙදෙනා පසුගිය මැයි මාසයේ දී ගැබ් ගැනීමේ පුවත සමාජ මාධ්‍යයේ බෙදා ගත් අතර ඒ වන විටත් ඇය මාස හයක ගැබිනියක බවයි වාර්තා වූයේ.



