ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු භාගය තුළ දී රුපියල් බිලියන 119.20ක (කෝටි 11,920) ලාභයක් ලබාගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කරනවා.
එමෙන්ම මේ වසරේ ජුනි කාර්තුවේ දී වාර්තා කරන ලද රුපියල් බිලියන 34.53ක ලාභය පසුගිය වසරේ එම කාර්තුවේ අගය වූ රුපියල් බිලියන 20.65 හා සැසඳීමේ දී එම අගය සියයට 67.2ක වර්ධනයක් වාර්තා කර ඇති බව විදුලි බල මණ්ඩලයේ මූල්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

