රුපියලේ සුළු ඉහළ යෑමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.31ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 303.52ක් ලෙස සටහන් වුණා.