පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබා දීමට අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ පිස්තෝලයට අමතරව සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් මන්ත්‍රීවරුන් හට රිපීටර් අවි ලබාදීමට තීරණය කර තිබෙන බවයි.
ඒ අනුව මන්ත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදිය හැකි බව අමාත්‍යාංශය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම් දී තිබෙනවා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙක් පමණ රිපීටර් අවි ලබා ගැනීම සඳහා මේ වන විට ඉල්ලුම් කර ඇති බවයි.

