නිශාචර ඒකදේශිය මිරිදිය කකුළු විශේෂයක් පළමු වරට ගාල්ල නගරය අශ්රිතව හමුවෙලා තියෙනවා..
මෙම විශේෂය Pastilla ruhuna නම් මිරිදිය කකුළු විශේෂයක්..
ඔවුන් මේවන විට දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති බව වාර්තා වෙනවා..
මෙම කකුළු විශේෂය දැනට ගාල්ල දිස්ත්රික්කයේ රක්ෂිත ස්ථාන දෙකකින් හමුවෙලා තියෙනවා..
මොවුන් අනෙකුත් කකුළුවන්ට වඩා පැහැදිලි වෙනස්කම් කිපයක් තියෙනවා..
පොළව මතුපිට සිට අඩි 03 – 04ක් ගැඹුරු ගුල් සාදා එවා තුළ ජීවත්වන බව සොයාගෙන ඇත්තේ…
විශේෂයෙන්ම මොවුන් රාත්රී කාලයේ දී පමණක් දැකගත හැකි සත්ත්ව විශේෂයක් බවයි වාර්තා වන්නේ..
ලංකාවේ මේ වනවිට මිරිදිය කකුළු විශේෂ 52ක් වාර්තා වන අතර, එයින් 51 ලංකාවට ආවේණික වනවා..
මිරිදිය කකුළුවන්ගෙන් මිනිසාට වාසි රැසක් සිදුවනවා..
විශේෂයෙන්ම ජලයේ කසල ශෝධකයකුගේ ක්රියාවලිය සැලකිය යුතු ප්රමාණයකට කකුළුවන් විසින් සිදුකරනු ලබනවා…

