මෙරට පළමු රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව සුමනා නෙල්ලම්පිටිය මහත්මිය (අවුරුදු 80) අභාවප්‍රාප්ත වී තිබෙනවා .
1982 ප්‍රථම ජනාධිපතිවරණ රූපවාහිනි සජීව විකාශය සිදු කළේ ජේෂ්ඨ මාධ්‍යවේදීනී සුමනා නෙල්ලම්පිටිය මහත්මිය විසින්.
ඇය පාසල් කාලයේම නිවේදනයට, විවාද කණ්ඩායමට, වගේම ගීත ගායනයටත් සමත්කම් දක්වපු තැනැත්තියක් වෙනවා..
පසුව උසස් පෙල අවසන් කළ සැනින් ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එකතු වෙන්න ලැබුණා.. ඒ වයස අවුරුදු 17 දී පමණදීයි..
එහිදී කිහිපවරක් සම්මුඛ පරීක්ෂණ ගණනාවකට ඇයට මුහුණ දෙන්න සිදුවූ අතර, 1967දී ඇය ගුවන්විදුලි සංස්ථාවේ ස්ථිර වශයෙන් නිවේදිකාවක් බවට පත්වෙන්න වරම් ලැබෙනවා..
එසේම සුමනා නෙල්ලම්පිටිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාවද වෙනවා..
එකළ රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනියේත් , ජාතික රූපවාහිනියේත් පළමු ප්රවෘත්ති නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට එක් වූ ඇය මෑතකදී ලක්හඬ ගුවන්විදුලියෙහි ඉදිරිපත් කළ “හෙවනට එන්න ” වැඩසටහනින් ද රසික සිත් සෙනෙහසින් ආමන්ත්‍රණය කරන්නට යළිත් සමත් වුණා



