මෙරට නිල සංචිත වත්කම් පහළට

මෙරට නිල සංචිත වත්කම් ජූලි මාසයේ දී ඩොලර් බිලියන 5.64ක් ලෙස සටහන් වනවා.

එය ජූනි මාසයේදී සටහන් වූ ඩොලර් බිලියන 5.65ක අගය සමග සළකන විට 0.1%ක පහත වැටීමක්.

මෙම සංචිත අතරට චීන හුවමාරු පහසුකම යටතේ ලද ඩොලර් බිලියන 1.4 ද ඇතුළත් වන බවයි සඳහන් වන්නේ