හිරු නැගීම – 06 : 01
හිරු මුදුන් වීම – 12 : 15
හිරු බැසීම – 18 : 29
අද අලුත් සතියක ආරම්භය, මේ මාසේ අවසාන සතියට කලින් සතිය තමයි මේ පටන් ගන්නේ. තව මේ වගේ එක සඳුදා දවසක් තමයි මේ මාසෙට තියෙන්නේ.
ඉස්සෙල්ලම මේ සතිය සුබ වේවා කියලා ප්‍රර්ථනා කරනවා. ප්‍රර්ථනා කරලා විතරක් දේවල් වෙන්නේ නැහැ නේ, ඒ දේවල් හැබෑ කර ගන්න ඔයාලත් ඉතින් මහන්සි වෙන්න ඕනේ. ඒ වුණත් ප්‍රාර්ථනා කරනවා කියන්නේ විශ්ව ආකර්ෂණය ලබා ගන්නවා වගේ වැඩක්. ඔයා මහන්සි වෙන දේ ලබා දෙන්න කියලා විශ්වයෙන්, දෙවියන්ගෙන් ඉල්ලන එකේ වැරද්දක් මම නම් දකින්නේ නැහැ. ඒ දේ අපි manifest කරනවා වගේ දෙයක් තමයි එතන වෙන්නේ.
හැමවෙලේම ඔයා හිතින් හිතන්න ඔයාගේ හීන හැබෑ වෙලා තියෙනවා කියලා. ඒක එක අතකට ලොකු motivation එකකුත් වෙනවා.
සමහර අය ගොඩක් ඉක්මනට එයාලගේ හීන වලට යනවා,සමහර අය නම් හෙමින් යන්නේ. කොහොම ගියත් වැදගත් වෙන්නේ ඔයා යන දිශාව මිසක් වේගය නෙමෙයි. ඔයා වේගයෙන් වැරදි පාරක ගිහින් කවදාවත් ඔයාට යන්න ඕනේ තැනට යා ගන්න බැරි වෙනවා නේ. ඒ නිසා හරියට හිතලා බලලා හරි විදිහට යන්න, හෙමින් ගියාට කමක් නැහැ…
අද දවසේ විශේෂත්වය ගත්තොත් අද World Brain Day එක. මොළයටත් වෙන් වුණු දවසක් තියෙනවා ඔන්න… ඒ නිසා අද හොඳට මේ මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ…
මොලය කියන්නේ මිනිස් සිරුරේ තියෙන සංකීර්ණම අවයවය කිව්වොත් වැරදි නැහැ. වර්තමානයේ තියෙන අතිදියුණු උපකරණ වලට වඩා වැඩි දෙයක් මේ මොළේ භාවිතා කරලා අපිට කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ හරියට මේක tune කර ගන්න එක තමයි. භාවනා කරනවා කියන්නේ මොළය දියුණු කර ගන්න හොඳ උපක්‍රමයක්.
මොලය ධාරිතාවෙන් සාමාන්‍ය කෙනෙක් භාවිතා කරන්නේ 10% කටත් වඩා අඩු ප්‍රමාණයක්. භාවනා කිරීම හරහා මෙම ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් කියලා මේ වෙනකොට පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.
ඒ වගේම තමයි නිතරම ෆෝන් එකේ ලැප්ටොප් වල එබිලා ඉන්නකොට මේ වැඩ කරන ටිකත් වැඩ කරන්නේ නැතුව යන්න අවධානමකුත් තියෙනවා. ඒ නිසා ක්‍රියාශීලි වෙන්න, හොඳ ආහර ගන්න.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න
ජය වේවා! තෙරුවන් සරණයි!

