පස්වැනි LPL තරඟයේ ජය Jaffna Kings කණ්ඩායමට

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) ශූරතාවය දිනා ගැනීමට අද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම දිනාගත් අතර පළමුව පන්දුවට පහරදීමට ගෝල් කණ්ඩායම ට ආරාධනා කළේය.

ඒ අනුව ගෝල් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 184ක් රැස්කළේය.

ලකුණු 185ක ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවට ම දැවී යනු ලැබුවා.

කෙසේවෙතත් අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ රයිලි රූසෝ ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගියහ.