ඡන්ද අල්ලස් දඩය ලක්ෂ 10 දක්වා ඉහළට

ඡන්දයකදී  අල්ලස් දීමේ වරදකට  පනවන  රුපියල් 500ක  දඩ මුදල රුපියල් ලක්ෂ 10 ක් දක්වා වැඩි කර තිබෙනවා.

ඒ, අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම් පතට සමගාමීවයි. 

එම කෙටුම්පත, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව  ගැසට් කර ඇත.