උතුරු-නැගෙනහිර ඉන්දීය ප්‍රාන්තයට ඇතුළු වන සියලුම සංචාරක වාහන සඳහා විශාල කුණු බෑගයක් රැගෙන යාම අනිවාර්යය කිරීමට සිකිම් ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.
පාරිසරික තිරසාරත්වයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රජා සහභාගීත්වය සහතික කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
එසේම අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා කසළ බෑග් භාවිතා කිරීම පිළිබඳව සංචාරකයා දැනුවත් කිරීම සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක ආයතන සහ වාහන රියදුරන්ගේ වගකීම වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
හිමාලය කඳු පාමුල පිහිටා ඇති සිකිම් ප්‍රාන්තය ඉන්දියාවේ අඩුම ජනාකීර්ණ ප්‍රාන්තය ලෙස සැලකෙනවා.
මෑත වසරවලදී සංචාරකයින් විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් මෙම කලාපයට තරමක හානි සිදු වී ඇති අතර ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

