රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 24 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්  සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා,

එදිනට රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේ.

මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.