හිරු නැගීම – 06 : 00
හිරු මුදුන් වීම – 12 : 15
හිරු බැසීම – 18 : 29
අද ජූලි පහළොස්වෙනිදා, සඳුදා.
අද කියන්නේ තවත් සතියක ආරම්භයක්. හැමෝම වගේ වැඩ රාජකාරි සඳහා පිටත්වෙන දවසක් අද. මේ ගෙවෙන්නේ මේ මාසේ මැද තියෙන සඳුදා දවස. සඳුදා දවස් දෙකක් පහු කරලා ඇවිත් තියෙනවා, සහ තවත් සඳුදා දවස් දෙකක් තමයි මේ මාසෙට ඉතුරු වෙලා තියෙන්නේ.
ඉතින් මේ සතියේ ඔයාගේ plans මොනවද? ඔයා අනිවාර්යයෙන් කරන්න ඕනේ දේවල් ටික මොනවද, ඒවාට deadline එකක් හෝ ඒ දේවල් යෙදිලා තියෙන දවසක් තියෙනවද… අද මේ දේවල් ගැනත් කල්පනා කරලා සතිය සැලසුම් කර ගන්න. සතියක් කියන්නේ මහා ලොකු කාලයක් නෙමෙයි නේ…
අද දවසේ විශේෂත්වය ගත්තොත් World Youth Skills Day එක අද. අපේ තරුණ පරපුර කියන්නේ හැකියා කුසලතා වලින් පිරුණු පිරිසක්. වැඩිහිටි අයට වැඩිය බහුතරයක් තරුණ පිරිසට හොඳට හිතලා බලලා යමක් කරන්න පුළුවන්. ඉතින් මෙයාලගේ හැකියා වැඩි දියුණු කරන්න මඟ පෙන්වීමක් වගේම ඒ හැකියා වලට නිසි වටිනාමක දුන්නොත් එයාලට ඒ ක්ෂේත්ර හරහා ඉදිරියට යමින් මේ සමාජයට සහ ලෝකයට තවත් වටිනා නිර්මාණ කරලා දෙන්න පුළුවන්.
ඒ වගේම අද අශ්වයා වෙනුවෙන් වෙන් කරපු දවස. අශ්වයා කියන්නේ අතීතයේ ඉඳන් ම ගමන් පහසුව සලසා ගන්න භාවිතා කරපු සත්ත්වයෙක්. මේ වෙනකොට නම් මෙයාලා පෙළපාලි වගේ අලංකාර අවස්ථා වලට, රේස් දුවන්න වගේ තමයි යොදා ගන්නේ. සමහර අය නම් මේ අශ්වයන්ව ගෙදරත් ඇති කරනවා.
අශ්වයන්ගේත් විවිධ වර්ග දැක ගන්න පුළුවන්. ඒ අතරින් Arabian කියන වර්ගය ඉතාම ලස්සනයි කියලා කියනවා. ඒ වගේම මෙයාලට හොඳ බුද්ධියක් තියෙනවා. Thoroughbred කියන වර්ගයට අනෙක් අශ්වයන්ට සාපේක්ෂව ඉතාම වේගයෙන් දුවන්න පුළුවන්.
එහෙනම් අද දවස වගේම මේ සතියත් හොඳින් සතුටින් ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

