විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද (15) සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.
සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර අනෙකුත් අනධ්‍යන සේවකයන් ද සිය වර්ජනය අත් හරිම සම්බන්ධයෙන් යම් සාධනීය එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔවුන් ද යළිත් කඩිනමින් සේවයට වාර්තා කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ වෙන විට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩ වර්ජනයට දවස් 74ක් වනවා.

