තද සුළං සහ මුහුද රළු වීම පිළිබද අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරනු ලබන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අදාළ අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24ක කාලයක් සඳහා බලාත්මක වන අතර එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 70ත් 80ත් අතර ඉතා තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

