උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා ඇති බව දකුණු කොරියානු හමුදාව වාර්තා කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ පළමු මිසයිල දියත් කිරීම අලුයම 5:05 ට සහ දෙවන දියත් කිරීම ආසන්න වශයෙන් මිනිත්තු දහයකට පසුව සිදු වූ බවයි.
එම මිසයිල ගිනිකොනදිග උතුරු කොරියාවේ Jangyon නගරයේ සිට ඊසානදිග දිශාවට එල්ල කර තිබෙනවා.
එසේම පළමු මිසයිලය දළ වශයෙන් කිලෝමීටර් 600ක් (සැතපුම් 372.82) ගමන් කළ අතර දෙවැන්න කිලෝමීටර් 120ක දුරක් කර තිබෙනවා.
දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානීන් නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ෂණයක් මේ වන විට සිදු කරන බවයි.

