පසුගිය දිනවල වර්ජනය සිදු කළ ග්‍රාම නිලධාරීින්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සහ රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය දිනවල ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා.
මේ හේතුවෙන් හෙට දිනයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ සාකච්ඡාවක් ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.
හෙට සාකච්ඡාව අසාර්ථක වුවහොත් එළඹෙන දෙවන දා සිට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේ.

