ඩෝනට් හැඩයෙන් තිබුණ අපේ ආදි සෞරග්‍රහ මණ්ඩලය

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් හැඩය දැනට අප හඳුනා ගන්නා පැතලි තැටියට වඩා ඩෝනට් එකක් වැනි එකක් වන බව මෑත කාලීන පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක විද්‍යාඥ Bidong Zhang ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම අදහස ඉදිරිපත් කොට තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති යකඩ උල්කාපාතවල සංයුතිය, සෞරග්‍රහ මණ්ඩලය මුල් අවධියේදී පැතලි තැටියක කේන්ද්‍රීය මුදු මාලාවකට වඩා ද්‍රව්‍ය ටොරොයිඩ් වලාකුළක් ලෙස පැවති බවට යෝජනා කරන බවයි.

මෙම මැග්මැටික් යකඩ-උල්කාපාත ආදි සෞරග්‍රහ මණ්ඩලයේ පැරණිතම ග්‍රහලෝක ලෙස හඳුනා ගෙන තිබෙන අතර ඒවායින් ඒවා සූර්ය නිහාරිකාවේ තත්වයන් සහ ග්‍රහලෝක සෑදීමේ ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු ලබා ගත හැක.

මෙම සම්පූර්ණ අධ්‍යයනය Proceedings of the National Academy of Sciences හි පළ කර තිබෙනවා.

අභ්‍යවකාශය හරහා ගසාගෙන යන වායු සහ දූවිලි අණුක වලාකුළකින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණය ආරම්භ වූවා යැයි සලකනු ලබනවා.