හිරු නැගීම – 05 : 56
හිරු මුදුන් වීම – 12 : 12
හිරු බැසීම – 18 : 28
අද ජුනි මාසේ විසිඅටවෙනිදා, සිකුරාදා.
අද ගොඩක් අයට නම් මේ සතියේ වගේම මේ මාසේ අන්තිම වැඩ කරන දවස. හෙමින් හෙමින් අපි මේ මාසේ අන්තිමටත් ඇවිත් නේද…
අද නම් කරලා තියෙන්නේ International Body Piercing Day එක විදිහට. Body Piercing කියන එක මේ වෙනකොට නම් විශාල වශයෙන් ජනප්රිය දෙයක් වෙලා තියෙනවා. ශරීරයේ ඇත්තටම දැන්නම් විදින්නේ නැති තැනක් නැහැ වගේ නේද… හිකිස්…
Body Piercing කියන්නේ අනතුරකුත් තියා ගෙන කරන විලාසිතාවක්. හරි විදිහට ඒ Body Piercing එක බලා ගත්තේ නැත්නම් එතන ආසාදනය වෙලා ලොකු ප්රශ්න ගොඩක් වෙන්න පුළුවන්. ඒ නිසා Body Piercing එකක් කරනවා කියන්නේ සැලකිල්ලෙන් යුතුව කරන්න ඕනේ දෙයක්, සහ කරලා දිගු කාලයක් සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක්.
අතීතයේ ඉඳන් ම මිනිසුන් Body Piercing කරලා තියෙනවා කියන්න සාක්ෂි තියෙනවා.
අද යෙදිලා තියෙන විශේෂ උපන්දින ගත්තොත් අද ලෝක ධනවතෙක් වෙන Elon Musk ගේ උපන්දිනය. ඔහු 1971 වසරේ දී දකුණු අප්රිකාවේ ඉපදිලා තියෙනවා. මෙයා අවුරුදු 12ක් වෙනකොට එයාගේ පලවෙනි software එක විකුණලා තියෙනවා, ඒක Blastar නමින් හදුන්වපු game එකක්.
ඉතින් ඒ කාලේ ඉඳන්ම මෙයා වැඩ පෙන්නලා තියෙනවා.
මේ වෙනකොට Elon Musk, Tesla සමාගමේ CEO විදිහට වගේම SpaceX සහ X සමාගමේ අයිතිකරුවා විදිහටත් කටයුතු කරනවා. ගණන් බලා ඇති ආකාරයට ඔහුගේ වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 214 ක් වෙනවා.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. ඔයාගේ හැකියා විශ්වාස කරන්න. ලොකුවට හිතන්න. ඔයාට අනිවාර්යයෙන් ඒ දේවල් කරන්න පුළුවන්.
ජය වේවා! තෙරුවන් සරණයි!

