වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින්නේ සිංහල පාසල්වල ගුරුවරුන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
මහනුවරදී ජනාධිපතිවරයා අද (28) මහ නා හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේ මේ බව සඳහන් කර තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා,
“මේ වන විට දෙමළ මුස්ලිම් පාසල් ක්‍රියාත්මක වෙනවා.
සිංහල පාසල්වල ගුරුවරුන් පමණයි මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින්නේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම එක් ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා.
ඒ සඳහා සොයා බැලීමට මේ වනවිට කමිටුවක්ද පත් කර තිබෙනවා.”

