පේරු රාජ්‍යට සුනාමි අනතුරු ඇඟවීමක්

කුණු ඇමරිකාවේ පේරු වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මුහුදු රළ මීටර 3 ක් දක්වා ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බවයි සුනාමි මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ දක්වා සිදුවූ හානි පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තාවී නැහැ.

පේරු හි ඇටිකුයිපා දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 8.8ක් දුරින් සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන තිබුණා.