ඔයාගේ පෞරුෂත්වය ගැන දැන ගන්න පොඩි test එකක් කරමුද

ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි කියනවා නේ.

ඉතින් විවිධාකාර මිනිස්සු අතරේ ඔයා මොන වගේ කෙනෙක් ද කියලා දැන ගන්න පුළුවන් පොඩි test එකක් ගැනයි අද කියන්න යන්නේ.

මේක online test එකක්. විනාඩි 10ක් වගේ කෙටි කාලයක් තමයි මේකට ගත වෙන්නේ.

කරන්න තියෙන්නේ එයාල දෙන ප්‍රශ්නයට ඔයා කොච්චර එකඟ වෙනවද නැත්ද කියන එක ලකුණු කරන්න විතරයි. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නාම එයා ඔයාගේ පෞරුෂය සහ ඔයා මොන වගේ කෙනෙක් ද කියලා කියනවා.

16 Personalities Test කියලත් හඳුන්වන මේක ලෝකය පුරා භාවිතා කරන standard test එකක්. මේකේ එයාලා Personalities එහෙමත් නැත්නම් පෞරුෂ 16ක් නම් කරලා තියෙනවා.

ඔයා දෙන උත්තර අනුව ඒ අතරින් ඔයා අයිති වෙන්නේ මොන වර්ගයටද කියල එයාලා කියනවා.

ඒ විතරක්ම නෙමෙයි ඔයාගේ පෞරුෂය අනුව ඔයාට ගැලපෙන රැකියා, ඔයාගේ පවුල් ජීවිතය, ආදර සම්බන්ධතා මොන වගේද කියන එක සහ ඔයාගේ ශක්තින් සහ දුර්වලතා ගැනත් එයා සඳහන් කරනවා.

මෙන්න මෙතනින් එහෙනම් ගිහින් මේ test එක ඔයත් කරලා බලන්නකෝ – MBTI Test

මේක කරපු සමහර අය නම් කියලා තියෙනවා කේන්දර වලටත් වැඩ මේකේ එන විස්තර කිරීම් නිවැරදියි කියලා.

ඔයාලත් මේක try කරලා යාළුවන් අතරෙත් share කර ගන්න අමතක කරන්න එපා…