2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා 2006 වසරේ ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන් හට මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම සිසුන් විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ විභාගය සඳහා අයදුම්පත්‍ර යොමු කළ යුතු වන බවයි එහි නියෝජ්‍ය කොමසාරිස් සඳහන් කළේ.
මේ අතර 2024 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic හරහා මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ ජංගම දුරකථන යෙදවුම වන DoE mobile app හරහා අයදුම්පත් යොමු කළ හැකි වනවා.

