දින 10 කින් සමගි ජන බලවේගයට සාමාජිකයින් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ වැඩසටහනක් ජූනි 7 වැනිදා සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
දින 10න් ලක්ෂ 20ක් මැයෙන් ක්‍රියාත්මක වන එම වැඩසටහන මඟින් එක් ඡන්ද මධ්‍යස්ථානයකින් සමගි ජන බලවේගයේ නොවන අලුත් සාමාජිකයින් 200ක් පක්ෂයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
පක්ෂයේ ජාතික සංවිධායක ලෙස තමන්ගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.

