යුක්රේනයට අවශ්‍ය F-16 ප්‍රහාරක ජෙට් යානාවල පළමු සැපයුම ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව Kyiv හි ආරක්ෂක අමාත්‍ය Rustem Umerov සඳහන් කරනවා.
රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
රුසියාව සිය පූර්න පරිමාන ආක්‍රමණයෙන් මාස 27කට වැඩි කාලයකට පසුව, වැඩි මිනිස් බලයක් සහ යුධ උපකරණ පෙරමුණේ තබා ගනිමින් යුද්ධ කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු පවසන්නේ රුසියාවේ එම ප්‍රහාර වලක්වා ගැනීම සඳහා යුක්රේනයට තවත් ආයුධ අවශ්‍ය වන බවයි.
එසේම එම ආයුධ ඉතා ඉක්මනින් ලැබිය හැකි නම් එය වඩාත් සුදුසු වන බව ද, මෙතෙක් ආයුධ ලබා දුන් රටවලට තමන් ස්තුති වන බව ද ඔහු සඳහන් කර සිටියා.

