ජනාධිපතිවරණය වෙනුවෙන් අයවැයෙන් බිලියන 10ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය පවැත්වෙන බවත්, ඒ සඳහා අයවැයෙන් බිලියන 10 ක් වෙන් කොට තිබෙන බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.

එසේම මෙම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ අත්‍යවශ්‍යතාවයක්  නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් නගන පැනයකට පිළිතුරු වශයෙනි.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රුපියල් බිලියන 10 ක් අයවැය මඟීන් වෙන්කර තිබෙන බවත්, මැතිවරණ කොමසාරිස්වරයා විසින් ව්‍යවස්ථාපිත වගකීම නියමිත කාල වකවානුව තුළ සිදු කරනු ඇතැයි ද හෙතෙම මෙහි දී අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.