වියට්නාමයේ ජනාධිපති ධුරය To Lam ට

වියට්නාමයේ ජාතික සභාව විසින් බදාදා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය To Lam ව එරට ජනාධිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

පැවැත්වූ රහස් ඡන්දයක දී සභාවේ නියෝජිතයන් 473 න් 472 ක් ඔහුගේ නම යෝජනා කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාතියට, රාජ්‍යයට සහ ජනතාවට සිය පක්ෂපාතිත්වය පොරොන්දු වෙමින් පවරන ලද සියලුම කාර්යයන් ඉටු කිරීමට උපරිමයෙන් කැප වන බවට නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙමින් Lam සඳහන් කර සිටියා.

66 හැවිරිදි ඔහු 2016 වසරේ සිට මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර 2021 වසරේදී දේශපාලන මණ්ඩලයට එක් වී තිබෙනවා.