Priyanka Chopra ගේ කැරට් 140ක Serpenti මාලය

Priyanka Chopra කියන්නේ ලෝකයක් ආදරේ කරන bollywood තරුවක්.

එයා රෝමයේ තිබුන විශේෂ Bulgari event එකකට සහභාගී වෙලා තියෙනවා.

ඇත්තම කිව්වොත් Priyanka Chopra කියන්නේ Bulgari brand එකේ global ambassador කෙනෙක්.

ඉතින් එයා මේකට පැළඳගෙන ගිය කැරට් 140ක් වටිනා Serpenti මාලය කාගේත් අවධානය දිනා ගන්න සමත් වුණා.

මේ මාලය Serpenti Aeterna ලෙස තමයි හැඳින්වෙන්නේ. එය Bulgari විසින් සිය ඉතිහාසය තුළ නිර්මාණය කර ප්‍රදර්ශනය කරන ලද වඩාත්ම අසාමාන්‍ය හා වටිනා දියමන්ති මාලය විදිහට හඳුන්වන්න පුළුවන්.

මේ මාලය නිර්මාණය කිරීමට පැය 2,800කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා, ඒ වගේම මේකේ තියෙන දියමන්ති බිංදු හත නිර්මාණය කිරීම සඳහා කැපූ දියමන්ති 200කට වඩා යොදා ගෙන තියෙනවා.

මේ event එකට Anne Hathaway, Liu Yifei, Shu Qi අයත් සහභාගී වෙලා තියෙනවා.