Dell හඳුන්වා දෙන AI වලින් බල ගැන්වූ නවතම පරිගණක මාලාවක්

Dell Technologies විසින් artificial intelligence (AI) ඇතුලත් කර නවතම පරිගණක මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

මේවාහි Qualcomm processors සහ Nvidia නවතම තාක්ෂණය සහිත chips ඇතුලත් කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Las Vegas හි පැවති උත්සවයක දී ඔවුන් මෙම පරිගණක models පහ හඳුන්වා දී ඇති අතර ඉන් models දෙකක අද සිට pre-orders ලබා ගැනීම සිදු කරනු ලබනවා.

ඉතිරි models තුන ලබන මාසයේ සිට දියත් කරන බවයි Dell සඳහන් කරන්නේ.

එසේම AI භාවිතා කළ කර හැකි සංකීර්ණ කාර්යයන් සිදු කිරීම සඳහා වූ neural processing units (NPUs) ද මෙහි ඇතුලත් කර තිබෙනවා.